Wednesday, May 19, 2010

java Architecture එක කියන්නෙ මොකක්ද??

අද මම ඔයලට කියන්න යන්නෙ java architecture එක ගැන.මම හිතනව java programs type කරන්න කලින් java architecture එක ගැන දැන ගන්න එක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියල...



ඉහත ආකරයත java architecture එක සරලවම පෙන්නන්න පුලුවන්...

ඕනෑම Hardware platform එකක් මත තිබෙන operating system එකක,ඇති JVM (Java Virtual Machine) එක හරහා Java Applications run කරගන්න පුලුවන්...


මොකක්ද JVM (Java Virtual Machine) කියන්නෙ???


virtual machine එකක් කියල කියන්නෙ, programs run කරගන්න අවශ්‍ය වන environment එකක්.උදාහරණයක් විදියට කියනවනම්,windows operating system එක තියන machine (PC) එකක, වෙනත් OS එකක් (Linux) run කරගන්න අවශ්‍ය වුවහොත්, ඔබට එය කරගන්න ‍පුලුවන් වෙන්නෙ virtual machine එකක් හරහායි.‍මක්නි‍සාදයත් දැනට ති‍බෙන OS(ex-windows) එක මත,එනම් එය එසේම තිබියදී, ඔබට අවශ්‍ය OS (ex-Linux) එක run කරගැනීමට සිදුවන නිසා.

Java Virtual Machine කියන්නෙ java programs run කරගන්න අවශ්‍ය වන Environment එක.ඒ වගේම java byte codes execute කිරීමේ වගකීම පැවරිල තියෙන්නෙ JVM එකට.


දැන් අපි බලමු Byte codes කියන්නෙ මොනවද කියල...


Byte code කියල කියන්නෙ යම් processor එකකට සීමා නොවුනු, machine code වලට සමාන code එකක්.java program එකක් run කරගැනීමට පෙර, source code එක compiler එක හරහා byte code එකක් බවට පරිවර්තනය කරගත යුතුයි.




ඔන්න මම ඔයාලට java architecture එක ගැන කෙටි විස්තරයක් කිව්වා.මේ දේ ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියල මම හිතනවා.

මේ දේවල් කියවලා බලල මට comment එකක් දෙන්නත් අමතක කරන්න එපා හොඳද!!! ඒ වගේම මාත් එක්ක දිගටම රැඳිල ‍ඉන්න කියල ආරාධනා කරනව. එහෙනම් අදට මම නවතිනවා....


ඔයාල හැමෝටම සුභ ‍දවසක් ප්‍රාර්ථනා කරනව......!!!!!

0 comments:

Post a Comment