Tuesday, May 18, 2010

කොහොමද Java Path එක Set කරගන්නෙ??

දැන් අපි බලමු කොහොමද Java Environment එකේ Path එක Set කරගන්නෙ කියල..!!!


ඔබට Java Program එකක් Run කරගනීමට එය අවශ්‍ය වෙනව...Java Environment එක install කරගැනීමෙන් පසු,(C:\Program Files\Java\jdk1.6.0\bin) එහි ඇති Bin File එකට ගොස් Address bar එකේ තිබෙන Path එක Copy කරගන්න.




ඉන් පසු My Computer icon එක මත Right Click කර,එහි properties මත Click කරන්න...




ඉන් පසු System properties වල ඇති Advance Tab එක මත Click කරන්න...




ඉන් පසු එහි ඇති Environment variable button එක මත Click කරන්න..




ඉන් පසු මෙහි ඇති System Variables කොටසේ, දැනටමත් Path එකක් Set කර අත්නම්, එහි ඇති Edit Button එක මත Click කර පහත දක්වා ඇති ආකාරයට, Variable Value එකේ අවසානයට (;) "Semicolon" එක දමා, ඔබ පෙර Copy කරගත් එක path paste කර OK Button එක මත Click කරන්න.






Path එකක් Set කර නැත්නම්,මෙහි අති New Button එක මත Click කර,පහත දක්වා ඇති ආකාරයට Variable Name එකට "Path" යනුවෙන් සඳහන් කර, Variable Value එකට ඔබ පෙර Copy කරගත් එක path paste කර OK Button එක මත Click කරන්න.








ඉන් පසු එහි ඇති සියලුම dialog boxes, ok කරන්න...ඉන් පසු හරි ආකාරව path එක set වී අද්දැයි පරික්ෂා කර බැලීමට, Command prompt open කර, එහි "javac" යනුවෙන් type කර enter කරන්න...පහත දැක්වෙන ආකාරයට Command prompt එක මත දිස්වේ නම්,Path එක හරිආකාරව set වී ඇත.එසේ නොවෙනම් නැවත උත්සාහ කර බලන්න..




දැන් ඔබ path එක හරිආකාරව set කරගෙන අත්නම්,Java programs run කර කරගැනීමෙ හැකියාව ඇත....ඉදිරියට අපි බලමු කොහොමද java language එක හරහා java programs කරගන්නෙ කියල...

අදට මම නවතින්නම්....ඔබට සුභ දවසක් වෙවා...

0 comments:

Post a Comment