Wednesday, May 19, 2010

java Architecture එක කියන්නෙ මොකක්ද??

අද මම ඔයලට කියන්න යන්නෙ java architecture එක ගැන.මම හිතනව java programs type කරන්න කලින් java architecture එක ගැන දැන ගන්න එක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියල...



ඉහත ආකරයත java architecture එක සරලවම පෙන්නන්න පුලුවන්...

ඕනෑම Hardware platform එකක් මත තිබෙන operating system එකක,ඇති JVM (Java Virtual Machine) එක හරහා Java Applications run කරගන්න පුලුවන්...


මොකක්ද JVM (Java Virtual Machine) කියන්නෙ???


virtual machine එකක් කියල කියන්නෙ, programs run කරගන්න අවශ්‍ය වන environment එකක්.උදාහරණයක් විදියට කියනවනම්,windows operating system එක තියන machine (PC) එකක, වෙනත් OS එකක් (Linux) run කරගන්න අවශ්‍ය වුවහොත්, ඔබට එය කරගන්න ‍පුලුවන් වෙන්නෙ virtual machine එකක් හරහායි.‍මක්නි‍සාදයත් දැනට ති‍බෙන OS(ex-windows) එක මත,එනම් එය එසේම තිබියදී, ඔබට අවශ්‍ය OS (ex-Linux) එක run කරගැනීමට සිදුවන නිසා.

Java Virtual Machine කියන්නෙ java programs run කරගන්න අවශ්‍ය වන Environment එක.ඒ වගේම java byte codes execute කිරීමේ වගකීම පැවරිල තියෙන්නෙ JVM එකට.


දැන් අපි බලමු Byte codes කියන්නෙ මොනවද කියල...


Byte code කියල කියන්නෙ යම් processor එකකට සීමා නොවුනු, machine code වලට සමාන code එකක්.java program එකක් run කරගැනීමට පෙර, source code එක compiler එක හරහා byte code එකක් බවට පරිවර්තනය කරගත යුතුයි.




ඔන්න මම ඔයාලට java architecture එක ගැන කෙටි විස්තරයක් කිව්වා.මේ දේ ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියල මම හිතනවා.

මේ දේවල් කියවලා බලල මට comment එකක් දෙන්නත් අමතක කරන්න එපා හොඳද!!! ඒ වගේම මාත් එක්ක දිගටම රැඳිල ‍ඉන්න කියල ආරාධනා කරනව. එහෙනම් අදට මම නවතිනවා....


ඔයාල හැමෝටම සුභ ‍දවසක් ප්‍රාර්ථනා කරනව......!!!!!

Leia Mais

Tuesday, May 18, 2010

කොහොමද Java Path එක Set කරගන්නෙ??

දැන් අපි බලමු කොහොමද Java Environment එකේ Path එක Set කරගන්නෙ කියල..!!!


ඔබට Java Program එකක් Run කරගනීමට එය අවශ්‍ය වෙනව...Java Environment එක install කරගැනීමෙන් පසු,(C:\Program Files\Java\jdk1.6.0\bin) එහි ඇති Bin File එකට ගොස් Address bar එකේ තිබෙන Path එක Copy කරගන්න.




ඉන් පසු My Computer icon එක මත Right Click කර,එහි properties මත Click කරන්න...




ඉන් පසු System properties වල ඇති Advance Tab එක මත Click කරන්න...




ඉන් පසු එහි ඇති Environment variable button එක මත Click කරන්න..




ඉන් පසු මෙහි ඇති System Variables කොටසේ, දැනටමත් Path එකක් Set කර අත්නම්, එහි ඇති Edit Button එක මත Click කර පහත දක්වා ඇති ආකාරයට, Variable Value එකේ අවසානයට (;) "Semicolon" එක දමා, ඔබ පෙර Copy කරගත් එක path paste කර OK Button එක මත Click කරන්න.






Path එකක් Set කර නැත්නම්,මෙහි අති New Button එක මත Click කර,පහත දක්වා ඇති ආකාරයට Variable Name එකට "Path" යනුවෙන් සඳහන් කර, Variable Value එකට ඔබ පෙර Copy කරගත් එක path paste කර OK Button එක මත Click කරන්න.








ඉන් පසු එහි ඇති සියලුම dialog boxes, ok කරන්න...ඉන් පසු හරි ආකාරව path එක set වී අද්දැයි පරික්ෂා කර බැලීමට, Command prompt open කර, එහි "javac" යනුවෙන් type කර enter කරන්න...පහත දැක්වෙන ආකාරයට Command prompt එක මත දිස්වේ නම්,Path එක හරිආකාරව set වී ඇත.එසේ නොවෙනම් නැවත උත්සාහ කර බලන්න..




දැන් ඔබ path එක හරිආකාරව set කරගෙන අත්නම්,Java programs run කර කරගැනීමෙ හැකියාව ඇත....ඉදිරියට අපි බලමු කොහොමද java language එක හරහා java programs කරගන්නෙ කියල...

අදට මම නවතින්නම්....ඔබට සුභ දවසක් වෙවා...

Leia Mais

Monday, May 17, 2010

..:::පළ‍‍මු Blog ස‍ට‍හන:::..

:::ජාව (JAVA):::


මම අද ඔයලට කියන්න යන්නෙ Java ගැන..Java language එකේ අතීතය ගැන මම කියන්න යන්නෙ නෑ. හේතුව, මම හිතනව ඔයාල ඒ ගැන ගොඩක් දේවල් දන්නව ඇති කියල.මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ Java environment එක install කරගන්නෙ කොහොමද කියල.


http://www.sun.java.com කියන වෙබ් අඩවියෙන් ඔයලට පුලුවන් JDK අලුත්ම version එක Free Download කරගන්න..

http://java.sun.com/javase/downloads/widget/jdk6.jsp
මෙතනින් බාගන්න..

අපි බලමු පියවරෙන් පියවර කොහොමද Java install කරගන්නෙ කියල!!!


පළමු පියවර...




පළවෙනියටම Java setup file එක double click කරල wizard එක open කරගන්න..


දෙවන පියවර...





Click Accept Button...


තෙවන පියවර...




Java Development Kit එක install කරගන්න Next Button එක Click කරන්න....










හතරවන පියවර...



Java Run time Environment එක install කරගන්න Next Button එක Click කරන්න....





අවසන් පියවර...




Finish Button එක Click කරන්න...


මේ අකාරයට ඔබට JDK install කර ගත හැක...

මෙය ඔබට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. ඒ වගේම මේ පිළිඹදව අදහසක් ඉදිරිපත් කරන්න අමතක කරන්නත් එපා....


පසුව බලමු අපි Java path (පාත්) එක Set කරගන්නෙ කොහොමද කියල...

Leia Mais